මැතිවරණ හා ඡන්ද හිමි නාමලේඛනය

මැතිවරණ හා ඡන්ද හිමි නාමලේඛනය

ශ්‍රී ලංකාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටකි. එනම් රට පාලනය සඳහා රටේ පරමාධිපත්‍ය හිමි පුරවැසියන් විසින් තමන් වෙනුවෙන් නියෝජිතයන් පත් කර ඒ හරහා රටේ පරිපාලන කටයුතු සිදුකරනු ලබයි. මෙලෙස රටේ පාලන කටයුතු වෙනුවෙන් ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඒ සඳහා පවත්වන මැතිවරණයක් හෝ ඡන්ද විමසීමක් මගිනි. යම් කරුණක් අරභයා ජනතා නියෝජිතයන් හට තීරණයක් ගැනීමට නොහැකි අවස්ථා වලදී ඒ සඳහා ඍජුව   රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවගේ අදහස විමසීම සිදුකරනු ලබයි. මෙම විමසිම සිදුකරන්නේ ඒ සඳහා වන ජනමත විචාරණයක් මගිනි. ඒ අනුව රටේ පාලන කටයුතු වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන සඳහා නියෝජිතයන් පත් කර ගැනීම හෙවත් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරාපත් කරගැනීමට පාර්ලිමේන්තු මහ මැතිවරණය, පළාත් සභා සඳහා නියෝජිතයන් පත් කර ගැනීම පළාත් සභා ඡන්ද විමසීම, ප්‍රාදේශීය ආණ්ඩු නැතිනම් පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා නියෝජිතයන් පත් කර ගැනීමට පළාත්පාලන ආයතන ඡන්ද විමසීම යන මැතිවරණ සහ ඍජුවම මහජන අදහස් විමසීම සඳහා ජනමත විචාරණ පවත්වනු ලබයි.

මෙහිදී තමා වෙනුවෙන් නියෝජිතයන් පත්කර යැවීම හෝ තම මතය ඉදිරිපත් කිරීම සිදුකල හැකිවන්නේ ඒ සඳහා වන ඡන්ද විමසීමකදී තම මතය ප්‍රකාශ කිරීම හෙවත් ඡන්දය ප්‍රකාශ කිරීම මගිනි. මේ සඳහා තිබිය යුතු එකම අවශ්‍යතාවය වන්නේ එම ඡන්දය සඳහා භාවිතා කරන ඡන්දහිමි නාමලේඛණයේ නම ඇතුලත්වී තිබීමයි. “නම ඇත්නම් පොතේ ඔබට ඡන්දය ඇතේ. නම නැත් නම් පොතේ ඔබට ඡන්දය නැතේ යනුවෙන් කියන්නේ ඒ නිසාය. එනම් මැතිවරණයක් නැති නම් ඡන්ද විමසීමකදී ඡන්දය ප්‍රකාශ කිරීමට “ඡන්ද පොත” ලෙස කටවහරේ හඳුන්වන ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් වී තිබීම අනිවාර්ය වේ.

 

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *