ඡන්ද හිමි නාමලේඛණයේ නම ඇතුලත් කරන ස්ථානය

ඡන්ද හිමි නාමලේඛණයේ නම ඇතුලත් කරන ස්ථානය

වර්තමානයේ ඡන්ද හිමි නාමලේඛණය සැකසීමේදී ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සිදු කරන්නේ ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවකදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට භාවිතා කරන ඡන්ද මධ්‍යස්ථාන මට්ටමිනි. එනම් යම් ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත පිරිස එක් ඒකකයක් යටතේ ලැයිස්තුවක් ලෙස ලියා පදිංචි කරයි. මෙම ඒකකය ඡන්ද කොට්ඨාශය (PD) ලෙස හඳුන්වයි. මෙම ඒකක සකස් කිරිම සිදුකරන්නේ ජනතාවට පහසුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට හැකිවන පරිදි ජන ගහනය, ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම, ප්‍රවාහන පහසුකම් වැනි සාධක සලකා බැලීමෙනි. (ඡන්ද කොට්ඨාස වෙන් කිරීම යටතේ මේ පිළිබඳ වැඩිදුර විස්තර අන්තර්ගත වේ)

ඡන්දයකදී ඡන්දය භාවිතා කරන මධ්‍යස්ථානයකට අදාල වන පරිදි ඡන්ද මධ්‍යස්ථානයක් මූලික කරගනිමින් මෙම ඒකක සකස් කලත් ඡන්ද හිමි නාමලේඛණය සකසන අවස්ථාව වන විට ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන ස්ථානය (එනම් ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන ගොඩ නැගිල්ල) නිශ්චිත ලෙස තහවුරු කර නොමැති නිසා මෙම ඒකකය හැඳින්වීමට අංකයක් ලබා දෙයි. මෙම අංකය ඡන්ද කොට්ඨාස අංකය (PD Number) ලෙස හඳුන්වයි.

සමස්ථ ශ්‍රීලංකාවම පරිපාලන දිස්ත්‍රික්ක 25 කට බෙදා ඇති නමුත් මැතිවරණ කටයුතු වලට භාවිතා වන්නේ දිස්ත්‍රික්ක 22 ලෙසය. ඒවා හැඳින්වෙන්නේ ඡන්ද කොට්ඨාස (Electrol District) ලෙසිනි. සමහර අවස්ථා වලදී මෙම 22 මැතිවරණ දිස්ත්‍රික්ක ලෙසද හඳුන්වයි. එම ඡන්ද කොට්ඨාස 22 බොහෝ දුරට පරිපාන දිස්ත්‍රික්කයන්ටම සමාන වන අතර යාපනය හා කිල්නොච්චිය පරිපාලන දිස්ත්‍රික්ක දෙකම “යාපනය” ඡන්ද කොට්ඨාසය ලෙසද වව්නියාව මන්නාරම හා මුලතිව් පරිපාලන දිස්ත්‍රික්ක “වන්නි” ඡන්ද කොට්ඨාසය ලෙසද භාවිතා වේ. අම්පාර පරිපාලන දිස්ත්‍රික්ය නමෙහි වෙනසක් සහිතව දිගාමඩුල්ල ඡන්ද කොට්ඨාසය ලෙස හදුන්වයි.

...

මෙම ඡන්ද කොට්ඨාසයන් වඩාත් හොඳ මහජන නියෝජනයක් ලබා දීම සඳහා ඡන්ද ප්‍රදේශ යනුවෙන් හඳුවන්වන ඒකක වලට වෙන් කොට තිබේ. මෙම ඒකක වෙන් කිරිමේ පදනම වන්නේ අතීතයේ ආසන මට්ටමින් නියෝජිතයන් පත්කර ගැනීමේදී භාවිතා කල පදනමවේ.  ඒ අනුව ශ්‍රී ලංකාවම ඡන්ද ප්‍රදේශ 160 කට වෙන්කර තිබේ. මෙම ඡන්ද ප්‍රදේශ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වනතුරු පැවති පැරණි පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස වලට සමාන වේ. මේ නිසා කට වහරේ මෙම ඡන්ද ප්‍රදේශ “ආසන” වශයෙන්ම හැඳින්වෙන අතර ජාතික මැතිවරණ වලදී ඡන්ද ප්‍රතිඵල මෙම ඡන්ද ප්‍රදේශ මට්ටමින් ප්‍රකාශයට පත් කරන කරන නිසා ජනතාවට මෙම ඡන්ද ප්‍රදේශ හුරු වී පවතින්නේ ආසන ලෙසිනි.

...

මේවා අතරින් වන්නි ඡන්ද කොට්ඨාසයට අයත් වව්නියාව, මන්නාරම හා මුලතිව් පරිපාලන දිස්ත්‍රික්ක ඡන්ද ප්‍රදේශ ලෙස මැතිවරණ කටයුතු වලදී සලකන අතර කිල්නොච්චි පරිපාලන දිස්ත්‍රික්කයද යාපනය මැතිවරණ කොට්ඨාසයට අයත් ඡන්ද ප්‍රදේශයක් ලෙස සලකයි. ( මේ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස යටතේ දක්වා ඇත)

මෙම ඡන්ද ප්‍රදේශයන් තුල පිහිටුවන ඡන්ද මධ්‍යස්ථානයන්හි ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීම ඡන්දහිමි නාමලේඛනය සැකසීමේදී සිදුකරයි. එනම් එක් ඡන්ද ප්‍රදේශයක් ජනතාවට වඩාත් පහසුවන අන්දමින් කුඩා කොටස් වලට වෙන් කර ඒ එක් එක් කුඩා කොටසට අදාල වන පරිදි ඡන්ද හිමියන් ලියා පදිංචි කරයි. මෙහිදි එක් කුඩා කොටසකට එක් දිනයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි පුද්ගලයන් 1500 – 3000 අතර ප්‍රමාණයක් ඇතුලත් කරනු ලබයි. ඡන්ද කොට්ඨාශය (PD) ලෙස හඳුන්වන්නේ මේවාය.

ඒ අනුව එක් ඡන්ද හිමියෙකුට එක් මැතිවරණ කොට්ඨාසයකයකට (Electrol District – ED) අයත් එක් ඡන්ද ප්‍රදේශයක (Electrol Division – EDiv) එක් ඡන්ද කොට්ඨාසය (PD) යටතේ ලියාපදිංචි විය හැකිය. උදාහරණයක් ලෙස කළුතර මැතිවරණ කොට්ඨාසයේ, අගලවත්ත ඡන්ද ප්‍රදේශයෙහි, ඡන්ද කොට්ඨාස අංක 32 යටතේ පුද්ගලයකු ලියා පදිංචි වීම දැක්විය. එවිට ඔහුට මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී අගලවත්ත ඡන්ද ප්‍රදේශයෙහි, ඡන්ද කොට්ඨාස අංක 32 ට අදාල ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කල හැකිය.

 

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *