ඡන්ද හිමි නාමලේඛණයේ නම ඇතුලත් කර ගැනීමට සුදුසුකම් ලබන ලිපිනය

ඡන්දහිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීමේ සුදුසුකම් ලැබූ පුරවැසියන්ට තමා සාමාන්‍ය පදිංචි ලිපිනයට අයත් වන පරිදි ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කල හැකිය. මෙහිදී සාමාන්‍ය පදිංචිය යනු එදිනෙදා ජීවත්වන, සමාජීය කටයුතු ඉටුකරගන්නා නිවසයි. මෙම ස්ථානය ඡන්ද හිමියෙකු ලියාපදිංචි වන පුද්ගලයාට පුද්ගලිකව අයත් වීමට හෝ නොවීමට පුලුවන. එනම් තමාට පුද්ගලිකව අයත් නොවන කුලී නිවාස, බදු නිවාස, තාවකාලික නිවාස, අනවසර පදිංචි කරුවන් වැනි අයට පවා එදිනෙදා කටයුතු සිදුකර ගනිමින් එම ස්ථානයේ සිටී නම් එම නිවසට අදාල ලිපිනයේ ඡන්ද හිමියකු ලෙස නම ඇතුලත් කර ගත හැකිය.

සාමාන්‍ය පදිංචිය යනුවෙන් පොදුවේ සලකන්නේ යම් පුද්ගලයකු ඔහුගේ හෝ ඇයගේ ස්වාමිපුරුෂයා/බිරිඳ සහ දරුවන් සමග ජීවත්වන ස්ථානයයි. පුද්ගලයකු දෛනික සේවයෙන් පසු ආපසු පැමිණ රාත්‍රිය ගත ස්ථිර ස්ථානයද සාමාන්‍ය පදිංචිය ලෙස සලකනු ලබයි. අවිවාහක පුද්ගලයකු නම් ඔහු හෝ ඇය මව්පියන් සමග වාසය කරන ස්ථානය සාමාන්‍ය පදිංචිය ලෙස සැලකිය හැකිය. විදේශ ගතව සිටින පුද්ගලයකුට පවා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් පදිංචි ගෘහය සාමාන්‍ය පදිංචි ස්ථානය ලෙස සලකා ඡන්ද හිමි නාමලේඛනයේ ලියා පදිංචි විය හැකිය.

 

 

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *