ලියාපදිංචි කිරීමේ සහ ගණන් ගැනීමේ නිලධාරීන් 01

ලියාපදිංචි කිරීමේ සහ ගණන් ගැනීමේ නිලධාරීන්

 

මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් එක් එක් දිස්ත්‍රික්කය සඳහා ලියාපදිංචි කිරීමේ නිලධාරි ලෙස පත් කරනු ලබන දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන කාර්යය මෙහෙයවීම සහ පාලනය සඳහා සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරීන් පත් කරනු ලබයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම පත් කරනු ලබන්නේ ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සේවය කරන නියෝජනය කරන නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ පරිපාලන නිලධාරීන්ය.  ඔවුන්හට එම කාර්ය කරගෙන යාමට සහායක් අවශ්‍ය නම් ඇතැම් අවස්ථාවදී ( උදාහරණ - හිමිකම් පරීක්ෂණ) තවත් සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරීන් පත්කරනු ලබයි. ලියා පදිංචි කිරිමේ නිලධාරීන් පත් කොට ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කිරීමද සිදුකල යුතුය.

ලියාපදිංචි කිරීමේ නිලධරයා විසින් ඡන්ද දායකයන්ගේ තොරතුරු එක් රැස් කිරීම සඳහා ගණන් ගන්නා නිලධාරින් පත් කරනු ලැබේ. මේ සඳහා භාවිතාවන පොදු ක්‍රමවේදය ගෙයින් ගෙට ගොස් ගණන් ගැනීමයි. ගණන් ගන්නා නිලධාරින් ලෙස කටයුතු කරනු ලබන්නේ ග්‍රාම නිලධාරීන්ය. මෙම ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කාර්ය ග්‍රාම නිලධාරීන් වෙත පැවරුනු ව්‍යස්ථාපිත රාජකාරියකි. කොළඹ නගරය, මීගමුව මහනගර සභා බල ප්‍රදේශය වැනි එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයක අධික ජන සංඛ්‍යාවක් ඇති එනම් ගණන් ගැනීමේ කාර්යය සංකීර්ණ වන නාගරික ප්‍රදේශ වල මෙම ගණන් ගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා විශේෂ ගණන් ගන්නා නිලධාරින් පත්කර තිබේ. මෙම විශේෂ ගණන් ගන්නා නිලධාරින් ලෙස යොදා ගනු ලබන්නේ රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් වල රාජ්‍ය සේවකයන්ය. 

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *