
ශ්‍රී ලංකාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටකි. එනම් රට පාලනය සඳහා රටේ පරමාධිපත්‍ය හිමි පුරවැසියන් විසින් තමන් වෙනුවෙන් නියෝජිතයන් පත් කර ඒ හරහා රටේ පරිපාලන කටයුතු සිදුකරනු ලබයි. මෙලෙස රටේ පාලන කටයුතු වෙනුවෙන් ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඒ සඳහා පවත්වන මැතිවරණයක් හෝ ඡන්ද විමසීමක් මගිනි.